පන්හිඳ කුරුටු ගෑ ගී
මගේ ජිවිතේ සතුට හොයාගෙන යන්න කියල හිතාගෙන මුලින්ම කවියක් ලිවුවේ ..... එත් ජිවිතේ හැම දුකකදිම මගේ ලග අන්තිමට ඉතිරි උනේ මාත් මගේ කවියත් විතරයි .... මම තාමත් මගේ ලියන්න බැරි උණු මගේ ලස්සනම ලස්සන කවිය හොයනවා
Wednesday, October 10, 2012
Thursday, July 8, 2010
Friday, July 2, 2010
මහගම සේකර නමැති කලාකරුවා
මහගම සේකර නමැති කලාකරුවා
මහගම සේකර නමැති කලාකරුවා තුළ තවත් කලාකරුවන් ගණනාවක්ම ජීවත් වූයේ යැයි කිය හැකි ය. ඒ කවියකු, ගීත රචකයකු, නවකතා කරුවකු, කෙටිකතාකරුවකු, නාට්‍ය රචකයකු සහ චිත‍්‍රපට අධ්‍යක්ෂවරයකු යනාදී වශයෙනි.
එසේ ම හෙතෙම චිත‍්‍ර ශිල්පියෙක් ද වූයේ ය. ආචාර්ය කේ. ජයතිලක පසුකලෙක දක්වා ඇති ආකාරයට සේකර විශේෂයෙන් කැපී පෙනුණේ චිත‍්‍ර කලාවට ය. (දිවයින 2007 ජනවාරි 11) කවර අවස්ථාවක වුව ද ඔහු අතට අඟුරු කෑල්ලක්, පැන්සලක්, පෑනක්, හුණු කැටයක් හසු වූ විට ඔහු කළේ ළඟ තිබුණේ කඩදාසියක් ද, බිත්තියක් ද, එසේත් නැත්නම් වෙනත් උපකරණයක් ද යන විශේෂය නොබලා එහි චිත‍්‍ර ඇදීම බව ඔහු එහි දී තවදුරටත් දක්වා තිබිණි.
[සංස්කරණය] ළමා කාලය
මහගමසේකර උපන්නේ රදාවානේ ය. ඒ 1929 අපේර්ල් මස 7 වැනිදා ය. (උප්පැන්න සහතිකයේ ඔහුගේ නම සඳහන් වන්නේ නිකම්ම නිකම් ‘සේකර’ කියා ය) කලාකරුවකු වීමට ඔහුට මූලික වශයෙන් ම බලපෑවේ ඔහු ගේ පියා විය යුතු ය.
හේ මහගම ගේ ජෝන් සිංඤෝනම් වූයේ ය. පියා සැරැසිලි චිත‍්‍ර සම්බන්ධයෙන් ගම් ප‍්‍රදේශයේ ඉතා ප‍්‍රකට පුද්ගලයකු වූ බව පැවැසේ. සේකර සිය ‘ප‍්‍රබුද්ධ’ කාව්‍ය සංග‍්‍රහය පිළිගන්වමින් පියා ගැන මෙසේ ලියා ඇත.
'විසල් සුදු ඩිමයි කඩදාසි මත'
'තබා මහ කවකටුව දිග රූල'
'ඇඳ නෙක මෝස්තර මල් හා කොළ'
'කපා කැටයම් ඉඳු බොකුටු නියනින්'
'විශ්වයෙහි රටාවම කලාවට නඟන හැටි'
'කුඩා කල සිටම මට කියාදුන් තාත්තට'

Subscribe to:
Posts (Atom)