Pages

Thursday, June 24, 2010

නුඹ සිටියා මතකයි දුර අහස සේ එතී




එක කුඩයක තුරුළු වෙලා
ආදරෙන් බැදී
නුඹ සිටියා මතකයි
දුර අහස සේ එතී
එ අහසින් පැනනැගෙන්න ආදරෙත් අරන්

එක දවසක් මතකද දුර
අහස දෙස බලා
තනි තරුවට පෙම් කරනා බව හුගක් කියා
මගේ උරයේ මුහුණ හොවා දගකාර ඇසින්
කදුලක් වැගිරුවා මගේ උරමඩල තෙමා

සරා සඳ යන්න බැස
කලුවරට ඉඩ දිදී
පියුම් පත් හෙමින් ඇහෙරෙයි
රේ අහස යටින්

පදරචනය ; උදිත වීරසිංහ

Wednesday, June 23, 2010

මගේ ජිවිතේ සතුට හොයාගෙන
යන්න කියල හිතාගෙන
මුලින්ම කවියක් ලිවුවේ .....
එත් ජිවිතේ හැම දුකකදිම
මගේ ලග අන්තිමට ඉතිරි උනේ
මගේ කවියත් මගේ මාත් විතරයි ....
මම තාමත් මගේ ලියන්න බැරි උණු
මගේ ලස්සනම ලස්සන කවිය හොයනවා