Pages

Thursday, June 24, 2010

නුඹ සිටියා මතකයි දුර අහස සේ එතී




එක කුඩයක තුරුළු වෙලා
ආදරෙන් බැදී
නුඹ සිටියා මතකයි
දුර අහස සේ එතී
එ අහසින් පැනනැගෙන්න ආදරෙත් අරන්

එක දවසක් මතකද දුර
අහස දෙස බලා
තනි තරුවට පෙම් කරනා බව හුගක් කියා
මගේ උරයේ මුහුණ හොවා දගකාර ඇසින්
කදුලක් වැගිරුවා මගේ උරමඩල තෙමා

සරා සඳ යන්න බැස
කලුවරට ඉඩ දිදී
පියුම් පත් හෙමින් ඇහෙරෙයි
රේ අහස යටින්

පදරචනය ; උදිත වීරසිංහ

No comments:

Post a Comment