මගේ ජිවිතේ සතුට හොයාගෙන යන්න කියල හිතාගෙන මුලින්ම කවියක් ලිවුවේ ..... එත් ජිවිතේ හැම දුකකදිම මගේ ලග අන්තිමට ඉතිරි උනේ මාත් මගේ කවියත් විතරයි .... මම තාමත් මගේ ලියන්න බැරි උණු මගේ ලස්සනම ලස්සන කවිය හොයනවා
Thursday, July 8, 2010
Friday, July 2, 2010
මහගම සේකර නමැති කලාකරුවා
මහගම සේකර නමැති කලාකරුවා
මහගම සේකර නමැති කලාකරුවා තුළ තවත් කලාකරුවන් ගණනාවක්ම ජීවත් වූයේ යැයි කිය හැකි ය. ඒ කවියකු, ගීත රචකයකු, නවකතා කරුවකු, කෙටිකතාකරුවකු, නාට්‍ය රචකයකු සහ චිත්‍රපට අධ්යක්ෂවරයකු යනාදී වශයෙනි.
එසේ ම හෙතෙම චිත්‍ර ශිල්පියෙක් ද වූයේ ය. ආචාර්ය කේ. ජයතිලක පසුකලෙක දක්වා ඇති ආකාරයට සේකර විශේෂයෙන් කැපී පෙනුණේ චිත්‍ර කලාවට ය. (දිවයින 2007 ජනවාරි 11) කවර අවස්ථාවක වුව ද ඔහු අතට අඟුරු කෑල්ලක්, පැන්සලක්, පෑනක්, හුණු කැටයක් හසු වූ විට ඔහු කළේ ළඟ තිබුණේ කඩදාසියක් ද, බිත්තියක් ද, එසේත් නැත්නම් වෙනත් උපකරණයක් ද යන විශේෂය නොබලා එහි චිත්‍ර ඇදීම බව ඔහු එහි දී තවදුරටත් දක්වා තිබිණි.
[සංස්කරණය] ළමා කාලය
මහගමසේකර උපන්නේ රදාවානේ ය. ඒ 1929 අපේර්ල් මස 7 වැනිදා ය. (උප්පැන්න සහතිකයේ ඔහුගේ නම සඳහන් වන්නේ නිකම්ම නිකම් ‘සේකර’ කියා ය) කලාකරුවකු වීමට ඔහුට මූලික වශයෙන් ම බලපෑවේ ඔහු ගේ පියා විය යුතු ය.
හේ මහගම ගේ ජෝන් සිංඤෝනම් වූයේ ය. පියා සැරැසිලි චිත්‍ර සම්බන්ධයෙන් ගම් ප්‍රදේශයේ ඉතා ප්‍රකට පුද්ගලයකු වූ බව පැවැසේ. සේකර සිය ‘ප්රබුද්ධ’ කාව්‍ය සංග්‍රහය පිළිගන්වමින් පියා ගැන මෙසේ ලියා ඇත.
'විසල් සුදු ඩිමයි කඩදාසි මත'
'තබා මහ කවකටුව දිග රූල'
'ඇඳ නෙක මෝස්තර මල් හා කොළ'
'කපා කැටයම් ඉඳු බොකුටු නියනින්'
'විශ්වයෙහි රටාවම කලාවට නඟන හැටි'
'කුඩා කල සිටම මට කියාදුන් තාත්තට'

ප්‍රකාශන
අනුවාද
* ධවල සේනාංකය - (1956)
ළමා සාහිත්‍ය
* පුංචි අයට කයි කතන්දර - (1958)
* සරු පොළවක් අපට ඇතේ - (1973)
* කොටි වලිගය - (1990)
කාව්‍ය
* ව්‍යංගා (කේ. ජයතිලක සමඟ) - (1960)
* සක්වා ලිහිණී - (1962)
* හෙට ඉරක් පායයි - (1963)
* මක්නිසාද යත් - (1964)
* රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත - (1967)
* බෝඩිම - (1970)
* නොමියෙමි - (1973)
* ප්රබුද්ධ - (1977)
නාට්‍ය
* සද්දන්ත සහ තවත් නාටක - (1961)
* මූදු පුත්තු (ගුණසේන ගලප්පත්ති සමඟ) - (1964)
* හංස ගීතය සහ වෙනත් නිර්මාණ - (1985)
නවකතා
* තුංමංහංදිය - (1967)
* මනෝමන්දිර - (1971)
කෙටිකතා
* මහගම සේකරගේ කෙටි කතා සහ චිත්‍ර - (1981)
ීත රචනා
* මහගම සේකරගේ ගීත - (1972)
* මහගම සේකර, නොපළ ගීත - (1984)
චිත්‍රපට තිර රචනා
* තුංමංහංදිය තිර රචනය - (1993)
ශාස්ත්‍රීය
* සිංහල ගද්‍ය පද්‍ය නිර්මාණයන්හී රිද්ම ලක්ෂණ - (2001)
සම්මාන
1966 සරසවි චිත්‍රපටි සම්මාන උළෙල හොඳම ගීත පද රචක සම්මානය - "සරා" චිත්‍රපටිය වෙනුවෙන් "මේ සිංහල අපගෙ රටයි" ගීතය
1968 - සරසවි චිත්‍රපටි සම්මාන උළෙල හොඳම ගීත පද රචක සම්මානය - "සත් සමුදුර" චිත්‍රපටිය වෙනුවෙන් "සිනිඳු සුදු මුදු තලාවේ" ගීතය
1970 - සරසවි චිත්‍රපටි සම්මාන උළෙල හොඳම ගීත පද රචක සම්මානය - "බිනරමලී" චිත්‍රපටිය වෙනුවෙන් "රටකින් රටකට පාර අසාගෙන" ගීතය

Thursday, June 24, 2010
නුඹ සිටියා මතකයි දුර අහස සේ එතී

එක කුඩයක තුරුළු වෙලා
ආදරෙන් බැදී
නුඹ සිටියා මතකයි
දුර අහස සේ එතී
එ අහසින් පැනනැගෙන්න ආදරෙත් අරන්
එක දවසක් මතකද දුර
අහස දෙස බලා
තනි තරුවට පෙම් කරනා බව හුගක් කියා
මගේ උරයේ මුහුණ හොවා දගකාර ඇසින්
කදුලක් වැගිරුවා මගේ උරමඩල තෙමා
සරා සඳ යන්න බැස
කලුවරට ඉඩ දිදී
පියුම් පත් හෙමින් ඇහෙරෙයි
රේ අහස යටින්
පදරචනය ; උදිත වීරසිංහ
Subscribe to:
Posts (Atom)